Wednesday, 20 February 2019

Tuesday, 19 February 2019

කීට අවධිය නොහොත් දැළඹුවා (හැඳින්වීමක් සහ රූපවිද්‍යාත්මක ලක්ෂණ)

     අපි කලින් දවසක කතා කරපු නිසා ඔයාල දන්නවා සමනළයාගෙ ජීවන චක්‍රයේ දෙවෙනි අවධිය තමයි කීටයා නැතිනම් දැළඹුවා. බිත්තරෙන් එලියට ආපු දවසෙ ඉඳන් කෝෂය හදන දවස වෙනකන් කාලය මේ අවධියට අයිතියි. කන එක තමයි ප්‍රධාන රාජකාරිය මේ අවධියේ.

     හැම විශේෂයකම වගේ දැළඹුවාගේ පළවෙනි ආහාරය තමුන්ගේම බිත්තර කටුව. කොටින්ම කියනවානම් දැළඹුවා එළියට එන්නෙම බිත්තර කටුව කාගෙන. එතැනින් පටන්ගන්න කෑමේ භාරදූර කර්තව්‍යය ඉවර වෙන්නෙ කෝෂය හදලා. 😁 අපි කලින් දවසක මෙයාලාගේ පෝෂණ විවිධත්වය ටිකක් කතා කලානේ. සුළුතරයක් හැරුණාම අනික් සියල්ලම ශාක කොටස් තමයි ආහාරයට ගන්නේ. ඒකත් තමන්ගේ විශේෂයට විශේෂිත ශාකයක් හෝ ශාක කිහිපයක්. බහුතරය ශාක කොටස් තමයි ආහාරයට ගන්නේ. එතනදි ශාකයේ මොන කොටස මොන ආකාරයටද කන්නෙ කියන එකේ ලොකු විවිධත්වයක් තියෙනවා. සමහර විශේෂ පුෂ්ප කොටස් පමණයි කන්නෙ, තවත් අය ලපටි දළු විතරයි කන්නෙ, ලපටි ඵල සහ මුල් ආහාරයට ගන්න අයත් ඉන්නවා. ඒ අතරෙ අදාල ශාකයේ අහුවෙන ඔනෙ කොටසක් කන අයත් ඉන්නවා. 😅 ඊගාවට මං කියපු සුළුතරය (ලංකාවෙනම් එක්කෙනයි ඉන්නේ, Apefly - Spalgis epeus) කෘමි විශේෂ ආහාරයට ගන්නවා.

     Lepidoptera ගෝත්‍රයට අයිති කීටයෝ දිගටි සිලින්ඩරාකාර හැඩයක් තමයි දරන්නේ(පණුවා කිව්වහම අපිට මතක් වෙන්නෙ මේ හැඩය), නමුත් පැතලි විශේෂත් ඉන්නවා(Lycaenidae කුලය). හිස, උරස සහ උදරය කියලා ටැග්මීකරණය වුනු දේහයක් තමයි තියෙන්නෙ(ටැග්මා එකක් කියන්නෙ එක කොටසක් විදිහට වැඩ කරන්න පුලුවන් විදිහට ඛණ්ඩිත දේහ තියෙන සතුන්ගෙ යාබද ඛණ්ඩ එකතු වෙලා හැදෙන රූපවිද්‍යාත්මක ඒකකයක්).

     හිස ගැන කතා කළොත්, ඒක ආහාර ගැනීමටම විශෙෂිතව හැදුණු බාහිර ව්‍යූහ තියෙන කොටසක්. ලොකු දැළඹුවෙක්ගේ මේ බාහිර මුඛ උපාංග පැහැදිලිව බලාගන්න පුලුවන්. [මෙතන ඉඳන් කියන ඉංග්‍රීසි වචන තාක්ෂණික යෙදීම්. ඒවාට සිංහල වචන මම දන්නෙ නැති නිසා ඉංග්‍රීසියෙන්ම කියනවා, ඒවා දැනගත්ත දවසක දාන්නම්, හැබයි ලොකු විශ්වාසයක් තියෙනවා ඒවාම් කොහෙත්ම තේරෙන එකක් නැහැ කියලා. 😅]
     බත් කූරෙක්ගෙ ඇස්  දෙක වගේ ඉස්සරහට ලොකුවටම පේන්න තියෙන ව්‍යූහයට කියන්නෙ Epicranium කියලා. මේක දකුණු සහ වම් විදිහට බාග වෙලා තියෙන්නෙ. (Stemmata හරුණාම මෙතන කතා කරන මේ ඔක්කොම බහිර ව්‍යූහ ස්ක්ලෙරොටින් ප්‍රෝටීනයෙන් ඝන වෙලායි තියෙන්නේ.) ඒ අතරෙ තියෙන ත්‍රිකෝණාකාර කොටස Frons එක. ඊට යටින් Clypeus සහ ඊටත් යටින් Labrum එක, ඉස්සරහින්(පූර්වව) බැලුවහම බලාගන්න පුලුවන්. Stemmata කියලා කියන ප්‍රතිබිම්භ නොසාදන සරල ඇස් එක පැත්තක 6 ගානේ දෙපැත්තේ 12ක් තියෙනවා. අපිට වගෙ ඒ ඇස් වලින් එයාලට පේන්නෙ නැහැ, ඒවා ආලෝකයට සංවේදී විතරයි. කලින් කියපු Labrum එකට පිටිපස්සෙන් පිළිවෙලින් එකක් පසුපස එකක් හැටියට Mandibles, Maxilla යුගල බැගින් සහ  Labium එක තියෙනවා. Maxilla ඒකෙන් එලියට ඇවිත් තියෙන Maxilliary galea කියන ව්‍යූහය තමයි පසු කාලෙක සමනළයාගේ ශුණ්ඩාව බවට පත් වෙන්නෙ. සේද ග්‍රන්ථී විවෘත වෙන්නෙ Labium එකෙන් පිටතට ඇවිත් තියෙන Spinneret කියන ව්‍යූහය මතට. දැළඹුවන්ටත් මකුළුවන්ට වගේ සේද හදන්න පුලුවන් කියල නොදන්න අය ඔන්න දැන් දන්නවා. 😉 Mandibles යුගලට දෙපැත්තෙන් කුඩා Antenna (ස්පර්ශක) යුගල බලාගන්න පුළුවන් (සමනළයාගෙත් ස්පර්ශක වෙන්නෙ මේ දෙකම තමයි).
     හිසේ තවත් වැදගත් බාහිර වගේම අපි කතා කළේම නැති අභ්‍යන්තර ව්‍යූහ ගොඩක් තියෙනවා. ඒත් සංරක්ෂණයටයි සාමාන්‍ය දැනීමටයි මේ විස්තර ඕනෙවටත් වැඩියි කියලයි මට හිතෙන්නේ. ඒ නිසා ඒ සංකීර්ණ ව්‍යූහයි, අභ්‍යන්තර ව්‍යූහයි කතා කරන්න මගෙ බලාපොරොත්තුවක් නැහැ.

දැළඹුවාගේ හිසේ පූර්ව පෙනුම සහ කොටස් (මහ නිලයාගේ Papilio polymnestor 5වන අන්තරුවේ කීටයා)

     හිසට පසුපසින් තියෙන්නෙ උරස. ඛණ්ඩ තුනකින් හැදුණු ටැග්මා එකක්. ඒ හැම ඛණ්ඩයකම අවිදුර අන්තයේ සිට පිළිවෙලින් coxa, trochanter, femur, tibia, tarsi  කියන කොටස් පහෙන් හැදුණු සන්ධි පාද යුගල බැගින්, උරසේ සන්ධි පාද 6ක් තියෙනවා. මේවා පේශි වලින් චලනය කරවන පාද. උරස හිසට සම්බන්ධ වෙන්නෙ cervix(ගෙල) එකෙන්. පළමු ඛණ්ඩයේ පමණක් දෙපැත්තේ Spiracles(ශ්වාසරන්ධ්‍ර) යුගලක් තියෙනවා (සමනළයන්ගේ වායු හුවමාරුව සිද්ධ වෙන්නෙ අපේ වගේ නෙමෙයි. ඒකට එයාලට ශ්වාසනාල පද්ධතියක් තියෙනවා. මේ පද්ධතිය පිටතට විවෘත වෙන සිදුරු තමයි ශ්වාසරන්ධ්‍ර කියන්නේ). උරසේ, Papilionidae කුලයේ පමණක් අවශ්‍ය විට ඉවතට ගත හැකි Osmeterium කියලා ව්‍යූහයක් තියෙනවා. මේක ආරක්ෂාව සඳහා තියෙන ව්‍යූහයක්, පෙනුම සර්පයෙක්ගෙ දෙකට බෙදුණු දිව වගේ.

     අවසාන ටැග්මා එක තමයි උදරය. මේක ඛණ්ඩ 10කින් හැදිලා තියෙන්නෙ. 3,4,5,6 සහ 10 කියන ඛණ්ඩ වල Prolegs කියලා කියන තවත් කකුල් වර්ගයක් යුගලය ගානේ තියෙනවා(එතකොට මුලු prolegs ගාන 10යි). මේවා සන්ධි පාද වලට වඩා ගොඩාක් වෙනස්. මේවාගෙ අග තියෙනවා crochets කියලා කියන කොකු වගේ ව්‍යූහ වගයක්. මේ පාද වැඩ කරන්නේ ශරීරය අතුලෙ ඇතිවෙන ද්‍රවස්ථිති පීඩනයෙන්. 1,2,3,4,5,6,7 සහ 8 වෙනි ඛණ්ඩ වල දෙපැත්තේ ශ්වාසරන්ධ්‍ර යුගලය ගානේ තියෙනවා. උදරයේ තවත් වැදගත් බාහිර සහ අභ්‍යන්තර ව්‍යූහ තියෙනවා, සමහර ඒවා සමහර කුල වලට ආවේණිකයි(උදා:Dorsal Nectar Organ- DNO, Pore Cupola Organ- PCO, Tentacular Organ- TO, honey glands and wax or powder glands). මේවා ඒ ඒ කුල ගැන කතා කරද්දි අපි බලමු.

දැළඹුවාගේ පාර්ශ්වික පෙනුම සහ කොටස් (මහ නිලයාගේ Papilio polymnestor 5වන අන්තරුවේ කීටයා)

දැළඹු අවධිය තමයි සමනළයාගේ ජීවන චක්‍රයේ අනතුරු බහුලම. විලෝපිකයන්ට ගොදුරු වීම, රෝග සහ ආසාදන, පරපෝෂිතයන්, ආහාර හිඟවීම් සහ තව ගොඩාක් දේවල් නිසා ගොඩාක් අය මේ අවධියේදි මැරෙනවා. කුරුල්ලෝ, උරගයෝ, ගෙම්බො වගේම සමහර ක්ෂීරපායී විශේෂත් මෙයාලව ආහාරයට ගන්නවා. පරපොෂී මැසි සහ කුඹල් විශේෂ තමුන්ගෙ දරුවන්ගෙ තොටිල්ල හැටියට තෝරගන්නෙත් මේ අසරණ දැළඹුවන්ව. බැක්ටීරියා, වෛරස සහ දිලීර පවා මෙයාලට ආසාදනය වෙනවා. Cordyseps spp. කියන සුප්‍රසිද්ධ දිලීරයත් මෙව්වගෙන් එකක්.

     ඒවා කොහොම වුනත් දැළඹුවෝ මේ යුද්ධෙදි නිරායුධ නැහැ. විව්ධාකාරයේ ආයුධ මෙයාලට තියෙනවා(උදා:horns, fleshy filaments, setae, spines, branching spines, osmeterium). ඒ වගේමයි හැම පාටකින්ම, දහස් සංඛ්‍යාත වර්ණ රටා තියෙන අය මේ අතරෙ ඉන්නවා. සුවිශේෂී හැසිරීම් රටා දක්වන අය ඉන්නවා. මේ සියල්ලම පරිණාමය විසින් මෙයාලට මේ යුද්ධෙ ජයග්‍රහණය කරන්න, මෙයාලා වෙනුවෙන්ම හදලා දීපු දේවල්. අපි ඒ දේවල් ගැනත් ඉස්සරහදි කතා කරමු.

      කීටයා බිත්තරෙන් එලියට ආ දා පටන් 4 වතාවක් හැව හලනවා. මේ සෑම වතාවකදීම එයා ප්‍රමාණයෙන් විශාල වෙනවා. මෙ අතර අවධි අන්තරු කියලා හඳුන්වනවා. සමනළ කීටයෙක්ට අන්තරු 5ක් තියෙනවා. අන්තිම අන්තරුවේදි, ඒ කියන්නේ 5 වෙනි අන්තරුවේදී, කාලා ඉවර වෙලා මෙයා  හොඳ ආරක්ෂිත තැනක් හොයන්න යනවා; තැනක් තෝරාගෙන, සේද ඇතිරිල්ලක් දාලා 5වෙනි සහ අවසාන වතාවට හැව ඇරලා පිළවෙක්(කෝෂය) බවට පත් වෙනවා. එක එක හේතු නිසා මේ අවස්ථාවෙදිත් මැරෙන අය ඉන්නවා. සෑහෙන රළු ජීවිතයක්. 😥

ලංකාවේ සුලභ සමනළුන් කිහිප දෙනෙකුගේ කීට/දැළඹු අවධි

   

Tuesday, 12 February 2019

Larva a.k.a. caterpillar (An introduction and external morphology)

   As we have discussed earlier in a post mentioning the life cycle of butterflies, we know that the second stage of the cycle is larval stage. The animal at this stage is technically called larva (plural larvae) or in common tongue the caterpillar. This is the stage preceded by egg and which successes into the pupal stage. Main purposes of this stage are to eat, grow and accumulate nutrients.

   Larvae of almost all the species of butterflies eat their way out of the egg and firstly they consume the shell of their own egg. After that they start exploiting their host plants or in some cases their prey (Apefly Spalgis epeus larvae eat mealybugs). Plant eaters have a wide diversity in the choice of which part of the plant they eat. Some eat only the young leaves, some the flower buds, some young fruit, some even eat roots and some eat everything. 😅

  Lepidopteran larvae has a worm-like appearance (some sluggish looking too) and have a tagmatized body consisting of 3 tagmata namely head, thorax and abdomen.

   Head is equipped with finely crafted instruments which are used to cut and slash plant material. In a large larva we can identify some of these external structures.
    Head is covered with a hard sclerotized epicranium which is divided into two halves (right and left). Triangle shaped frons, clypeus below it and labrum below the clypeus can be seen from the anterior side of a larva. Behind labrum is the pair of mandibles, maxilla and labium. There is a pair of galea originating from the maxilla (maxillary galea) and this pair becomes the proboscis in the process of metamorphosis. Labium has the tiny protruding spinneret onto which the duct of the silk glands opens. The tiny pair of antennae can be seen beside the mandibles. There are stemmata (usually 6 stemma on each side) on the ventrolateral area of the epicranial lobes. (There are many more important structures associated with the head, but I'm not planning to cover all that and internal anatomy up, for this info is more than necessary for conservation purposes.)
   
Anterior view of the head of a 5th instar Papilio polymnestor (Blue Mormon) larva

   Then comes the thorax. This consists of three segments and each bear a pair of true legs (thoracic legs) which again (each leg) consists of five segments, orderly from proximal to distal coxa, trochanter, femur, tibia and tarsi. This means the larva has 6 true legs. These are powered by muscles.
   Thorax is connected to head by the smooth cervix (neck). First thoracic segment or the prothoracic segment, has a pair of spiracles each side and in the case of Papilionidae, also has the evertible osmeterium (which looks like a forked tongue) dorsally.

   Spiracles are the openings to the outer environment of the internal network of air tubes which acts as the respiratory system of all insects (called the tracheal system).

   Last part of the body is the abdomen. It is made up of 10 segments. 3,4,5,6 and 10th segments have one pair of prolegs each. Which means a larva has 5 pairs of prolegs (10 prolegs in total). These prolegs are not like the thoracic legs. They have hook-like structures called crochets and work from the force that blood pressure creates inside the larva. First four pairs of prolegs are called abdominal prolegs and the last pair is called the anal prolegs. 1,2,3,4,5,6,7 and 8th segments have a pair of spiracles each on either sides. At the posterior end is the anal opening.
  There are some more special structures in the abdomen and some are only present in some families only...  (Dorsal Nectar Organ- DNO, Pore Cupola Organ- PCO, Tentacular Organ- TO, honey glands and wax or powder glands etc.) We will discuss these special features in their family accounts.

Lateral view of a 5th instar Papilio polymnestor (Blue Mormon) larva 

    Larval stage is the most harshest. Predation, diseases, parasites, shortage of food and many other factors test these delicate creatures everyday to their limits. Birds, reptiles, amphibians, arthropods and even some mammals prey on these guys. Parasitoid flies and wasps use caterpillars as food source and the incubator for their young. Bacteria, viruses and fungi also attack them. Cordyceps spp.  are well known fungal pathogens to caterpillars.

    But caterpillars are not defenceless in this game. They bear many peculiar extensions such as horns, fleshy filaments, setae, spines, branching spines etc. and are found in every colour of the visible (and invisible) spectrum, millions of colour patterns and shapes and many peculiar behaviors, all are custom tailored by evolution to overcome the above mentioned enemies and maximize their survival.

    Caterpillars molt their skins 4 times, growing bigger and bigger after each molting. The resulting five stages of the larvae are referred to as instars (just hatched-1st instar, after the first molting-2nd instar etc.). After growing to the full size (5th instar) they stop eating and often wanders to find a good secure place, lay a silk girdle or make a good cover and after everything is ok, they molt their skins for one last time and become pupae. Some fail in this process and die, unable to form the pupa.

Larvae of some common butterflies of Sri Lanka



Thursday, 20 December 2018

සමනළ බිජුවේ කතාන්දරය

“සියළුම සමනළයෝ අණ්ඩජ වන්නෝය“
               -එන්ටොමොලොජි- :D  


           දැනට හොයාගෙන තියෙන සමනළයෝ ඔක්කොම බිත්තර දාන ජීවියෝ. හැබැයි එක ගැහැණු සතෙක් දාන බිත්තර ගාන සිය ගනණ් වල ඉඳලා දහසක් විතර වෙනකන් පරාසයක විශේෂය එක්ක වෙනස් වෙනවා.
          සමනළයාගේ බිත්තරේ අපි හිතනවට වඩා ගොඩාක් සංකීර්ණ ව්‍යුහයක්. ඒක හරිම සියුම් විදිහට පාරිසරික බලපෑම් වලින් ඇතුලෙ ඉන්න ජීවියාව ආරක්ෂා කරනවා. බිත්තරේ එළියෙන්ම තියෙන්නෙ chorion කියන ගණකම ශක්තිමත් බිත්තියක්. මේකට පිටතින් ඉටිමය රසායනිකයක් තුනී පටලයක් වගේ තියෙනව. ඉටි ජලයට අපාරගම්‍යයිනෙ ඉතින් මේකෙන් සිද්ධ වෙන්නෙ ජල හානිය වළක්වන එක. අර මං කිවුව පිටත බිත්තියේ ඉතාම කුඩා (මේ කියන්නෙ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය මට්ටමේ) සිදුරු දහස් ගාණක් තියෙනවා. මේ සිදුරු වලින් තමයි වායු හුවමාරුව සිද්ධ වෙන්නෙ. මේවා හැදිලා තියෙන ආකාරයට ජල හානිය වලක්වගෙන වායු හුවමාරුව කරනවා කියලා තමයි පොත් වල සඳහන් වෙන්නෙ.
            දිග බිත්තරේකනම් මුදුනෙ, පැතලි එකක නම් උඩ පෘෂ්ඨයේ හරි මැද තියෙනවා micropyle කියලා කියන කුඩා සිදුරක්. මේකත් අන්වීක්ෂීය මට්ටමේ එකක් ඒත් කලින් කියපු එව්වා තරම් පොඩි නැහැ. මේ සිදුර වටේ ව්‍යුහය මාර ලස්සනයි.  (Butterfly eggs <-මෙන්න මේ පිටුවට ගිහින් බලන්නකො… සමනළ බිත්තර වල පිස්සු හැදෙන මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඡායාරුප කිහිපයක් බලාගන්න පුළුවන් :-) ) Micropyle එක හරහා තමයි ගැහැණු සතාගෙ ප්‍රජනක පද්ධතිය ඇතුලෙදි බිත්තරේ තුළට පිරිමි සතාගෙ ශුක්‍රාණුවක් ඇතුල් වෙන්නෙ. මෙතන තමයි බිත්තරේ යම් මට්ටමකට දුර්වල එකම තැන. (මෙත්නින් තමයි පරපෝෂී wasp ලා බොහෝමයක් තමන්ගෙ බිත්තරේ සමනළයගෙ බිත්තරේ ඇතුලට දාන්නෙ.)    
            බිත්තරයක් තැනක දැම්මහම එතනම තියෙන්නෙ විශේෂ ගම් එකක් නිසා. මේක අම්මාගෙ ඇඟේ තියෙන ග්‍රන්ථියකින් ස්‍රාවය වෙන තරලමය රසායනිකයක්. සිමෙන්ති වගේ මේකත් වේලෙද්දි ඝන වෙනවා (හැබැයි සිමෙන්ති වලට වඩා ගොඩාක් වේගෙන්). ආයෙ ලේසියෙන් ගැලවෙන්නෙනම් නැහැ.
            ඉතාම අතලොස්සක් හැරුණාම සමනළ කීටයෝ(දැළඹුවෝ) සියල්ලම තම තමන්ගේ විශේෂයට විශේෂිත ශාක (ධාරක ශාක) ආහාරයට අරගන්න බව අපි කතා කලා. සමනළ අම්මා බිත්තරේ ශාකයේ නිශ්චිත තැනක දැමීම, ශාකයේ ඔනෑම තැනක දැමීම සහ ශාකය ආසන්නයේ වෙනත් වස්තුවක් හෝ ගසක් මත දැමීම කියන ආකාර තුන ලංකාවේ දකින්න ලැබෙනවා. ලංකාවේ නැතත් සමහර රටවල සමහර skippers විශේෂ ධාරක ශාකය ළඟ බිත්තර බිම හලලා යනවාලු. ලංකාවේ සමනළ අම්මලා හොඳයි නේද ඒ එක්ක බැලුවාම. ;-)            
            බිත්තර දැමීමේ චර්‍යා, වරකට දාන බිත්තර ගණන, එක තැනක කීපයක් දානවනම් ඒවා පිහිටුවන විදිහ, බිත්තරේ හැඩය, විශාලත්වය, වර්ණය, මෝරා පැටවු එලියට එන්න ගතවන කාලය වගේ දේවල්වල ඉතා විශාල විවිධත්වයක් තියෙනවා. ඒවා විශේෂයෙන් විශේෂයට වෙනස් ආවේණික දේවල්. පැටවු එන්න ගතවෙන කාලය නම් පරිසර සාධක මතත් වෙනස් වෙනවා. කෙසේ වෙතත් මේ විවිධත්වය ගණයක් තුල අඩුයි, ඒ කියන්නෙ ලඟින් නෑදෑ වෙන විශේෂ වල මේ දේවල් ගොඩක් දුරට එක වගේ.
           සිය දහස් ගණන් වලින් බිත්තර දැම්මට දාන බිත්තර වලින් අවසානයේ සුහුඹුල් සමනළයෙක් බිහිවෙන්නෙ 1%-2% පමණ ප්‍රතිශතයකින් විතරයි. අනික් සියල්ලම බිත්තර හෝ කීට හෝ පිළා හෝ අවධි වලදි අනතුරු ලට මුහුණදෙනවා. ජානමය විකෘති, පරපෝෂීන්, කුරුල්ලන් වැනි සතුන් ආහාරයට ගැනීම, බැක්ටීරියා සහ වෛරස ආසාදන, සමහරවිට ආහාර නොමැතිවීම, ලංකාවෙ නොවුනත් දැඩි ආන්තික දේශගුණික/කාලගුණික තත්ත්ව අත්විඳින රටවල්වල ඒ හේතු නිසාත් මේ දේ සිද්ධ වෙනවා. මේක ඉතාම දුක හිතෙන දෙයක් වගේ පෙනුනට පොඩ්ඩක් හිතල බලන්න දාන බිත්තර ඔක්කොම සමනළුන් වුනොත් මොකද වෙන්නෙ කියලා. 
           හැබැයි අද වෙද්දි විශේෂයෙන්ම මිනිසා නිසා සිදු වෙන වන විනාශය, කෘමිනාශක සහ වල්නාශක වැනි කෘතිම විෂ රසායනික ආදිය නිසා මේ ප්‍රතිශතය තවත් අඩු වෙලා තියෙනවා. ආච්චිලා සීයලා ඉස්සර දැක්කයි කියන මහා විසාල සමනළ ගහණ අද දකින්න නැත්තෙ ඒ නිසා.

ලංකාවේ සුලභ සමනළ විශේෂ කිහිපයක බිත්තර

           

Egg of a Butterfly

All butterflies are oviparous (lay eggs). The number of eggs one female can lay vary from some hundreds to thousands with species.
            Butterfly egg is covered by a rigid outer layer called "Chorion" which is lined with a waxy substance which prevents the egg from drying out. Surface of the egg has some thousands of tiny pores which collectively acts as an air exchanger. Minute architecture of these pores do not let water to be evaporated through them.
            At the tip of the egg or the center of the upper surface (according to the shape of the egg) there is a minuscule opening called "Micropyle". This is the entry gate for a sperm cell into the egg.
            Egg laying behaviors, shape of the egg, positioning, colour and developmental times are so diverse and varies with species but many characters become common within same families or genera.
            Eggs are locked in position by a glue that mother secretes. This glue is a rapidly hardening liquid at first but quickly hardens like a cement holding a structure.
            Go to this link(Butterfly eggs) and you'll see some mesmerizing electron micrographs of butterfly eggs.
            As we know butterfly larvae (almost all)  have their unique one or a set of host plants on which they feed. A mother may lay her eggs carefully on a selected part of the selected plant, anywhere on the plant or sometimes not on the plant at all (may be a rock near the plant). Some species of skippers are known to drop there eggs at the bottom of the host plant (but none in SL ;) ).
            The high number of eggs laid by an individual does not exclusively indicate an exponential growth of populations for 98%-99% percent of laid eggs do not survive to become an adult butterfly due to various reasons. These include mutations/defects, predation, being eaten by parasites, harsh weather (not common in SL but in regions with harsh climates), sometimes starvation, disease (both bacterial and viral diseases) and above all else man made chemicals such as pesticides and herbicides.

Eggs of some common butterflies of SL 



Wednesday, 12 December 2018

සමනළුන්ගේ උපරිකුල

                අපි කලින් දවසක කතා කළා මතකද සමනළුන්ගේ ඉතිහාසය? එතනදි නම් කරපු උපරිකුල දෙක ගැන තමයි අද කතා කරන්න යන්නෙ.
                Hedyloidea වන්ට කියන්නෙ “සලඹ සමනළුන්“ වගේ තේරුමක් එන moth butterflies කියන සාමාන්‍ය යෙදුම. මෙයාලා සමනළාගෙයි සලඹයාගෙයි අතරමැදි සහ දෙපැත්තෙම සමහර ලක්ෂණත් පෙන්නුම් කරනවා. Hedylidae කියන්නෙ මේ උපරි කුලයේ දර්ශීය කුලය (මේ උපරිකුලය හරියටම තහවුරු වෙන්න තව ගොඩක් දේවල් අඩු නිසා ඒ ගැන තොරතුරු හරිම අඩුයි. මට හම්බවුණු විදියටනම් මේ උපරිකුලයට අයිති එකම එක කුලය වෙන්නෙත් hedylidae කුලය). මේ කුලයේ සියලුම විශේෂ Macrosoma කියන තනි ගණයට (genus) තමයි අයිති වෙන්නෙ. විශේෂ 35ක් විතර තහවුරු කරල තියෙනව. මේ ඔක්කොම නිවර්තන ඇමෙරිකානු කලාපවල තමයි සහ විතරයි දකින්න ලැබෙන්නේ.
               
File:Macrosoma sp (Hedylidae) (15273846876).jpg
Macrosoma sp (Hedylidae) photo by-Pavel Kirillov
        Papilionoidea තමයි දෙවෙනි උපරිකුලය. මේකෙ ඉන්න අය “සත්‍ය සමනළුන්“ කියලා පොදුවේ කියනවා. කුල 6ක් මේ උපරිකුලයට අයිති වෙනව. මේ කුල 6ම නියෝජනය කරන විශේෂ ලංකාවේ ඉන්නවා.
  1. Papilionidae - swallowtails, apollos and birdwings

  2. Pieridae - yellows and whites

  3. Nymphalidae - brush footed butterflies

  4. Lycaenidae - blues

  5. Riodinidae - metalmark butterflies

  6. Hespiriidae - skippers
       
   
මේ අයව විශේෂයෙන් වෙන් කරලා අඳුරගන්න පුලුවන් ලක්ෂණ කිහිපයක් තමයි,
  • තටු වල විශාලත්වය එක්ක සසඳද්දී ඇඟ ප්‍රමාණයෙන් කුඩායි
  • තනිව කෙලින් පිහිටන ස්පර්ශක යුගල විදුර (අවසන්) අන්තයේදි මහත් මොට හැඩයක් හෝ කොක්කක හැඩයක් ගන්නවා 
  • කීටයා පිළවා බවට පත්වෙද්දි (දැළඹුවා කෝෂය හදද්දි) සේද වලින් පිටත ආවරණයක් හදනන්නෙ නැහැ
  • පිළවා (කෝෂය) විවිධ හැඩ ගණනාවක් පෙන්වනවා (නමුත් සලඹයො හැමෝම රවුම් හෝ අණ්ඩාකාර කෝෂ හදන්නෙ). 
තටු වල විශාලත්වය එක්ක සසඳද්දී ඇඟ ප්‍රමාණයෙන් කුඩායි
Tailed Jay butterfly (Graphiun Agamemnon)
photo by myself 
රවුම් හෝ අණ්ඩාකාර නොවන, සේද ආවරණයක් රහිත කෝෂය(එම විශේෂයේම)
Tailed Jay pupa (Graphiun Agamemnon)
photo by myself


Creative Commons Licence
"Butterflies", Nature's Jewellery by Induru Hettiarachchi is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.