Wednesday 12 December 2018

සමනළුන්ගේ උපරිකුල

                අපි කලින් දවසක කතා කළා මතකද සමනළුන්ගේ ඉතිහාසය? එතනදි නම් කරපු උපරිකුල දෙක ගැන තමයි අද කතා කරන්න යන්නෙ.
                Hedyloidea වන්ට කියන්නෙ “සලඹ සමනළුන්“ වගේ තේරුමක් එන moth butterflies කියන සාමාන්‍ය යෙදුම. මෙයාලා සමනළාගෙයි සලඹයාගෙයි අතරමැදි සහ දෙපැත්තෙම සමහර ලක්ෂණත් පෙන්නුම් කරනවා. Hedylidae කියන්නෙ මේ උපරි කුලයේ දර්ශීය කුලය (මේ උපරිකුලය හරියටම තහවුරු වෙන්න තව ගොඩක් දේවල් අඩු නිසා ඒ ගැන තොරතුරු හරිම අඩුයි. මට හම්බවුණු විදියටනම් මේ උපරිකුලයට අයිති එකම එක කුලය වෙන්නෙත් hedylidae කුලය). මේ කුලයේ සියලුම විශේෂ Macrosoma කියන තනි ගණයට (genus) තමයි අයිති වෙන්නෙ. විශේෂ 35ක් විතර තහවුරු කරල තියෙනව. මේ ඔක්කොම නිවර්තන ඇමෙරිකානු කලාපවල තමයි සහ විතරයි දකින්න ලැබෙන්නේ.
               
File:Macrosoma sp (Hedylidae) (15273846876).jpg
Macrosoma sp (Hedylidae) photo by-Pavel Kirillov
        Papilionoidea තමයි දෙවෙනි උපරිකුලය. මේකෙ ඉන්න අය “සත්‍ය සමනළුන්“ කියලා පොදුවේ කියනවා. කුල 6ක් මේ උපරිකුලයට අයිති වෙනව. මේ කුල 6ම නියෝජනය කරන විශේෂ ලංකාවේ ඉන්නවා.
  1. Papilionidae - swallowtails, apollos and birdwings

  2. Pieridae - yellows and whites

  3. Nymphalidae - brush footed butterflies

  4. Lycaenidae - blues

  5. Riodinidae - metalmark butterflies

  6. Hespiriidae - skippers
       
   
මේ අයව විශේෂයෙන් වෙන් කරලා අඳුරගන්න පුලුවන් ලක්ෂණ කිහිපයක් තමයි,
  • තටු වල විශාලත්වය එක්ක සසඳද්දී ඇඟ ප්‍රමාණයෙන් කුඩායි
  • තනිව කෙලින් පිහිටන ස්පර්ශක යුගල විදුර (අවසන්) අන්තයේදි මහත් මොට හැඩයක් හෝ කොක්කක හැඩයක් ගන්නවා 
  • කීටයා පිළවා බවට පත්වෙද්දි (දැළඹුවා කෝෂය හදද්දි) සේද වලින් පිටත ආවරණයක් හදනන්නෙ නැහැ
  • පිළවා (කෝෂය) විවිධ හැඩ ගණනාවක් පෙන්වනවා (නමුත් සලඹයො හැමෝම රවුම් හෝ අණ්ඩාකාර කෝෂ හදන්නෙ). 
තටු වල විශාලත්වය එක්ක සසඳද්දී ඇඟ ප්‍රමාණයෙන් කුඩායි
Tailed Jay butterfly (Graphiun Agamemnon)
photo by myself 
රවුම් හෝ අණ්ඩාකාර නොවන, සේද ආවරණයක් රහිත කෝෂය(එම විශේෂයේම)
Tailed Jay pupa (Graphiun Agamemnon)
photo by myself


No comments:

Post a Comment

Creative Commons Licence
"Butterflies", Nature's Jewellery by Induru Hettiarachchi is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.