Wednesday, 12 December 2018

සමනළුන්ගේ උපරිකුල

                අපි කලින් දවසක කතා කළා මතකද සමනළුන්ගේ ඉතිහාසය? එතනදි නම් කරපු උපරිකුල දෙක ගැන තමයි අද කතා කරන්න යන්නෙ.
                Hedyloidea වන්ට කියන්නෙ “සලඹ සමනළුන්“ වගේ තේරුමක් එන moth butterflies කියන සාමාන්‍ය යෙදුම. මෙයාලා සමනළාගෙයි සලඹයාගෙයි අතරමැදි සහ දෙපැත්තෙම සමහර ලක්ෂණත් පෙන්නුම් කරනවා. Hedylidae කියන්නෙ මේ උපරි කුලයේ දර්ශීය කුලය (මේ උපරිකුලය හරියටම තහවුරු වෙන්න තව ගොඩක් දේවල් අඩු නිසා ඒ ගැන තොරතුරු හරිම අඩුයි. මට හම්බවුණු විදියටනම් මේ උපරිකුලයට අයිති එකම එක කුලය වෙන්නෙත් hedylidae කුලය). මේ කුලයේ සියලුම විශේෂ Macrosoma කියන තනි ගණයට (genus) තමයි අයිති වෙන්නෙ. විශේෂ 35ක් විතර තහවුරු කරල තියෙනව. මේ ඔක්කොම නිවර්තන ඇමෙරිකානු කලාපවල තමයි සහ විතරයි දකින්න ලැබෙන්නේ.
               
File:Macrosoma sp (Hedylidae) (15273846876).jpg
Macrosoma sp (Hedylidae) photo by-Pavel Kirillov
        Papilionoidea තමයි දෙවෙනි උපරිකුලය. මේකෙ ඉන්න අය “සත්‍ය සමනළුන්“ කියලා පොදුවේ කියනවා. කුල 6ක් මේ උපරිකුලයට අයිති වෙනව. මේ කුල 6ම නියෝජනය කරන විශේෂ ලංකාවේ ඉන්නවා.
  1. Papilionidae - swallowtails, apollos and birdwings

  2. Pieridae - yellows and whites

  3. Nymphalidae - brush footed butterflies

  4. Lycaenidae - blues

  5. Riodinidae - metalmark butterflies

  6. Hespiriidae - skippers
       
   
මේ අයව විශේෂයෙන් වෙන් කරලා අඳුරගන්න පුලුවන් ලක්ෂණ කිහිපයක් තමයි,
  • තටු වල විශාලත්වය එක්ක සසඳද්දී ඇඟ ප්‍රමාණයෙන් කුඩායි
  • තනිව කෙලින් පිහිටන ස්පර්ශක යුගල විදුර (අවසන්) අන්තයේදි මහත් මොට හැඩයක් හෝ කොක්කක හැඩයක් ගන්නවා 
  • කීටයා පිළවා බවට පත්වෙද්දි (දැළඹුවා කෝෂය හදද්දි) සේද වලින් පිටත ආවරණයක් හදනන්නෙ නැහැ
  • පිළවා (කෝෂය) විවිධ හැඩ ගණනාවක් පෙන්වනවා (නමුත් සලඹයො හැමෝම රවුම් හෝ අණ්ඩාකාර කෝෂ හදන්නෙ). 
තටු වල විශාලත්වය එක්ක සසඳද්දී ඇඟ ප්‍රමාණයෙන් කුඩායි
Tailed Jay butterfly (Graphiun Agamemnon)
photo by myself 
රවුම් හෝ අණ්ඩාකාර නොවන, සේද ආවරණයක් රහිත කෝෂය(එම විශේෂයේම)
Tailed Jay pupa (Graphiun Agamemnon)
photo by myself


Butterfly Superfamilies

                     We discussed in an early post about the superfamilies and families of butterflies. As we know there are two superfamilies of butterflies namely, Hedyloidea and Papilionoidea.  
                     Hedyloidea are commonly called as moth-butterflies as they exhibit characters that are intermittent with true butterflies and moths. Hedylidae is the representing family of the Hedyloidea and it comprises of ~35 valid species that are all in the genus Macrosoma and all of them are distributed in Americas (or more correctly in Neotropics).
File:Macrosoma sp (Hedylidae) (15273846876).jpg
Macrosoma sp (Hedylidae) photo by-Pavel Kirillov
   Papilionoidea is the superfamily of true butterflies and it consists of 6 extant families.


  1. Papilionidae - swallowtails, apollos and birdwings

  2. Pieridae - yellows and whites

  3. Nymphalidae - brush footed butterflies

  4. Lycaenidae - blues

  5. Riodinidae - metalmark butterflies

  6. Hespiriidae - skippers


   In Sri Lanka there are butterflies representing all 6 families.


 
Papilionoidea is characterized by,
  • smaller bodies compared to the wing size
  • straight antennae are clubbed or hooked at the end
  • larvae don't spin cocoons in order to pupate
  • pupae are more diverse in shapes than being oval or round

Adult Tailed Jay butterfly (Graphiun Agamemnon) showing wing size, body size and the clubbed antennae.
photo by myself 

Pupa of the same species showing no spinned cocoon and the odd shape
photo by myself


Tuesday, 11 December 2018

Indian Cupid (Everes lacturnus)

Indian Cupid (Everes lacturnus)

සමනළයාගේ ඉතිහාසය

            අපි යමක් ගැන ඉගෙනගනිද්දි ඒ සම්බන්ධ ඉතිහාසය සහ ආරම්භය ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒකෙන් අත් වෙන ප්‍රයෝජන බොහොමයි. ඒ නිසා අද මං හිතුවා සමනළයාගේ ඉතිහාසය ගැන කතා කරන්න.
           සමනළයාගේ මූලාරම්භය, පරිණාමය සහ විවිධත්වය ගැන අපි කතා කරමු.
          අපි අවුරුදු මිලියන ගණනින් අතීතයට යන්නෙ මේ වෙද්දි අපිට දකින්න ඉතුරු වෙලා තියෙන සාක්ෂි ඔස්සේ. පොසිල තමයි සත්තුන්ගෙ ඉතිහාසයට යන්න තියෙන හොඳම සාක්ෂි. ඒත් සමනළයා ඉතාම සියුම් සතෙක්නෙ. ඒ නිසා සමනළුන්ගෙ පොසිල හම්බවෙන්නෙ ඉතාමත් අඩුවෙන්. ඇත්තටම කියනවනම් fossil record එකේ සමනළුන්ගෙ හොඳ සුරක්‍ෂිත පොසිල හම්බවෙන්න පටන්ගන්නකොට දැනට ඉන්න පවුල් ඔක්කොම වගේ වෙන් වෙලා ඉවරයි.

         සලඹයො සමනළුන්ගෙ වැඩිමහල් ඥාතියො. එයාලා ගොඩක් පරණ ජීවීන්. මුල්ම lepidopteran පොසිල හම්බවෙන්නෙ සලඹයන්ගෙ. ඒ කියන්නෙ අවුරුදු මිලියන 190ක් විතර පරණ Archaeolepis mane කියන සලඹයගෙ තමයි හොඳ තත්ත්වයෙන් සුරක්ෂිත පැරණිම lepidopteran පොසිලය (මේ කතා කරන්නෙ පහළ ජුරාසික් අවධිය ගැන).
         කොහොමෙන් කොහොමෙන් හරි විද්‍යාඥයෝ ඇස්තමේන්තු කරලා තියෙනවා සමනළයා මුලින්ම සලඹයාගෙන් වෙන් වුනේ දැනට අවුරුදු මිලියන 135-65 අතරේ ඒ කියන්නෙ ක්‍රිටේෂීය අවධියෙදි කියලා.
         ඉන්සෙක්ටාවන් බහුතරය වගේ සමනළුන්ගෙත් පරිණාමය සපුෂ්ප ශාක පරිණාමය එක්ක බොහොම ළඟින් සම්බන්ධ වෙනවා.


Fossil Papilionid Butterfly Lithopsyche antiqua from Early Oligocene. photo by-Chiswick Chap

අද වෙනකොට ලෝකයේ සමනළුන් superfamilies දෙකකට බෙදෙනවා (මෙව්වට උපරි කුලය කියලා කියනවා).

    1. Hedyloidea - moth butterflies (මේගොල්ලො ඉන්නෙ උතුරු සහ දකුණු ඇමරිකානු මහද්වීප වල විතරයි)

    2. Papilionoidea - true butterflies(සත්‍ය සමන්ළුන්)
සත්‍ය සමන්ළුන් නැවත කුල(පවුල්) 6කට බෙදෙනවා.


  1. Papilionidae - swallowtails, apollos and birdwings

  2. Pieridae - yellows and whites

  3. Nymphalidae - brush footed butterflies

  4. Lycaenidae - blues

  5. Riodinidae - metalmark butterflies

  6. Hespiriidae - skippers (මෙයාලා ඉස්සර වෙනම superfamily එකක් හැටියට තමයි සැලකුවේ. ඒත් අණුක විද්යාත්මක තොරතුරු එක්ක මෙයාලා සත්‍ය සමනළුන්ටම අයිති කොටසක් හැටියට දැන් පිලිගන්නවා)

Phylogenetic relationships of butterfly families

සමනළයා කියන්නෙ කවුද?


      සමනළයෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් දිවාචර ඒ කියන්නෙ දවල් කාලයේ ක්‍රියාකාරී කෘමි කොට්ටාශයක්(ඒත් උදේ සහ හවස් කාලයේ විතරක් ක්‍රියාකාරී විශේෂ කිහිපයකුත් ඉන්නවා). විද්‍යාත්මකව කිවුවොත් Animalia රාජධානියේ, Arthropoda වංශයේ, Insecta වර්ගයේ, Lepidoptera ගෝත්‍රයට අයිති ජීවීන් කොටසක්. Lepidoptera තක්සෝනයට සලඹයොත් අයිති වෙනවා(සමනළයයි සලඹයයි වෙන් කරන ලක්ෂණ අපි වෙන දවසක කතා කරමු). 
      දැනට ලෝකයේ සමනළ විශේෂ 18 500 ක් විතර විද්‍යාවෙන් විස්තර කරලා තියෙනවා. ඇන්ටාක්ටිකාව හරුණාම අනිත් හැම මහාද්වීපයකම සමනළුන් බලාගන්න පුලුවන්. ඒ වගේමයි සමනළයාට දිග ඉතිහාසෙකුත් තියෙනවා. දැනට තහවුරු පැරණිම සමනළ පොසිලය අවුරුදු මිලියන 56 විතර කාලයක් පරණයි (ඒ කියන්නෙ Paleocine epoch එක ඇතුලෙ).   

    සමනළුන්ගෙ පොදු රූප විදයාත්මක ලක්ෂණ කිහිපයක් බලමු,
  • සමනළයා කෘමියෙක්නෙ(ඒ කියන්නෙ class Insecta), ඒ නිසා එයාලට ඉන්සෙක්ටාවන්ට පොදු ලක්ෂණ පිහිටනවා. ඇඟ හිස, උරස සහ උදරය කියලා කොටස් 3කට බෙදිල තියෙනවා පැහදිලිවම.
  • හිසේ සංයුක්ත ඇස් දෙකක්, 
  • ඇන්ටෙනා දෙකක්, 
  • පැල්පි කියලා අවයව දෙකකුත්, 
  • විශේෂයෙන්ම ලෙපිඩොප්ටෙරාවන්ට අවේණික c  හැඩ අර්ධ නාලිකා දෙකක් එකතු වෙලා හැදෙන “ශුන්ඩාව“ කියන නාළාකාර ව්‍යූහයත් තියෙනවා.(මේ ශුන්ඩාව හැදිලතියෙන්නෙ සමාන අර්ධ නාළ දෙකකින් නිසා “සමාන නළ ඇති කියන එක නිසා එයා සමනළයා වුණා“ කියලා දැනගන්න. සුද්දා බටර් පාට නිසා butterfly කිවුවට අපේ සිංහලයෝ මේ චූටි සතාගෙ සියුම් ව්‍යූහයන් පවා දැනගෙන තමයි මෙ නම දාල තියෙන්නෙ.)
  • උරසට සන්ධි පාද යුගල් 3ක් ඒ කියන්නෙ පාද 6ක් සහ 
  • පියාපත් යුගල් 2ක් ඒ කියන්නෙ පියාපත් 4ක් සම්බන්ධයි. මේ පියාපත් කුරුල්ලන්ගෙ එව්ව වගේනම් නෙමෙයි. ශල්ක කියලා සියුම් ව්‍යුහ මිලියන ගානකින් තමයි හැදිල තියෙන්නෙ(සමනළයෙක් ඇල්ලුවහම අතෙ ගෑවෙන්නෙ මෙව්වා).    

       සමනළයා චලතාපී සතෙක්, එයා ක්‍රියාකාරී වෙන්න අවශ්‍යය දේහ උෂ්ණත්වය ලබාගන්නේ අව්වට වෙලා ටිකක් වෙලා අව්ව තැපලා.
       අපි ලස්සනයි කියලා බලන පියාඹන සමනළයා එයාගෙ ජීවන චක්‍රයෙ අවසාන අවස්ථාව විතරයි. සමනළයා සම්පූර්ණ රූපාන්තරණය සිදු කරන සත්ත්ව කොටසක්(බිත්තරය,කීටයා/දැළඹුවා, පිළවා/කෝෂය සහ සුහුඹුලා/සමනළයා කියලා අවධි 4ක් තියෙනවා).
       මවු සමනළයා බිත්තර දාන්නෙ එයාගෙ විශේෂයට අවේණික වූ ගස් වර්ග වල විතරයි(උදාහරණෙකට කිවුවොත් Sri Lankan Birdwing (Troides darsius) කියන සමනළයා බිත්තර දාන්නෙ සප්සඳ (Aristolochia indica) කියන වැල් වර්ගයේ විතරයි). Apefly කියන සමනළයාගෙ දැළඹුවා විතරක් පිටි මකුණන්ව ආහාරයට ගන්නවා ගස් වර්ග කන්නෙ නැතුව. 
       බිත්තරෙන් එලියට එන දැළඹුවා ධාරක ශාකය හොඳ හැටියට අනුභව කරමින් 4 වතාවක් හැව අරිමින් ටිකෙන් ටික ලොකු වෙනවා. ඊට පස්සෙ හොඳ තැනක් බලලා එතන පිලිවෙලක් කරගෙන 5 වෙනි හැව ඇරලා කෝෂයක් හදාගන්නවා. නිසි කාලය ගත වුනහම හරි සුදුසු කාලය ආවහම හරි මේකෙන් එලියට එන්නෙ ලස්සන වර්ණවත් සමනළයෙක්. ඔන්න ඕකයි ජීවන චක්‍රය.

Tuesday, 2 October 2018

Origin and Evolution

           When we study something, history and origin of it are major fields to be explored for they shed more light in understanding the future than anything else. So I thought of giving You guys a brief but a scientific history on butterflies and their evolution.
  • Origin is the beginning of life forms as we discuss in evolution theory
  • Origin and diversification of butterflies over the geologic time is the evolution of butterflies
           Many ancient species, their origins and evolution can be unveiled in fossils, dating back millions of years. However in the case of lepidopterans (butterflies and moths are collectively called as Lepidopterans) fossils are of not such good use. They are delicate creatures and that delicacy prevents them from forming good fossils for us to study. 
           There are only a few well preserved fossils of early lepidopterans (such as the 40 million years old Prodryas persophone of the Eocene).These creatures are remarkably not that different from present day forms. Archaeolepis mane is one of the earliest known lepidopteran fossils which is from lower Jurassic (190 million years ago). 
             There are fossil evidence which dates back 201.3 million years into the Triassic-Jurassic boundary but they are not complete fossils. These fossils suggest a Norian (212 million years ago) divergence of glossatan and non-glossatan lepidopterans in molecular estimates. (van Eldijk, Timo J. B.; Wappler, Torsten; Strother, Paul K.; van der Weijst, Carolien M. H.; Rajaei, Hossein; Visscher, Henk; van de Schootbrugge, Bas (10 January 2018). "A Triassic-Jurassic window into the evolution of Lepidoptera". Science Advances.)

             Many describe that butterflies developed in Cretaceous Period (65 million to 135 million years ago) diverging from a moth lineage. By 80 million years ago all the modern day butterfly families were well differentiated.

              As of many insects, evolution of butterflies are also closely linked with the evolution of flowering plants.

Fossil Papilionid Butterfly Lithopsyche antiqua from Early Oligocene. photo by-Chiswick Chap


           Present day butterflies are classified into two superfamilies,          

  1. Hedyloidea - moth butterflies
  2. Papilionoidea - true butterflies

             

           Superfamily Papilionoidea or true butterflies consists of six distinct families,
  1. Papilionidae - swallowtails, apollos and birdwings
  2. Pieridae - yellows and whites
  3. Nymphalidae - brush footed butterflies
  4. Lycaenidae - blues
  5. Riodinidae - metalmark butterflies
  6. Hespiriidae - skippers (Hespirids were treated as a separate superfamily until recent molecular phylogenetics proved otherwise) 
Phylogenetic relationships of butterfly families


Creative Commons Licence
"Butterflies", Nature's Jewellery by Induru Hettiarachchi is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.