Tuesday 11 December 2018

සමනළයාගේ ඉතිහාසය

            අපි යමක් ගැන ඉගෙනගනිද්දි ඒ සම්බන්ධ ඉතිහාසය සහ ආරම්භය ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒකෙන් අත් වෙන ප්‍රයෝජන බොහොමයි. ඒ නිසා අද මං හිතුවා සමනළයාගේ ඉතිහාසය ගැන කතා කරන්න.
           සමනළයාගේ මූලාරම්භය, පරිණාමය සහ විවිධත්වය ගැන අපි කතා කරමු.
          අපි අවුරුදු මිලියන ගණනින් අතීතයට යන්නෙ මේ වෙද්දි අපිට දකින්න ඉතුරු වෙලා තියෙන සාක්ෂි ඔස්සේ. පොසිල තමයි සත්තුන්ගෙ ඉතිහාසයට යන්න තියෙන හොඳම සාක්ෂි. ඒත් සමනළයා ඉතාම සියුම් සතෙක්නෙ. ඒ නිසා සමනළුන්ගෙ පොසිල හම්බවෙන්නෙ ඉතාමත් අඩුවෙන්. ඇත්තටම කියනවනම් fossil record එකේ සමනළුන්ගෙ හොඳ සුරක්‍ෂිත පොසිල හම්බවෙන්න පටන්ගන්නකොට දැනට ඉන්න පවුල් ඔක්කොම වගේ වෙන් වෙලා ඉවරයි.

         සලඹයො සමනළුන්ගෙ වැඩිමහල් ඥාතියො. එයාලා ගොඩක් පරණ ජීවීන්. මුල්ම lepidopteran පොසිල හම්බවෙන්නෙ සලඹයන්ගෙ. ඒ කියන්නෙ අවුරුදු මිලියන 190ක් විතර පරණ Archaeolepis mane කියන සලඹයගෙ තමයි හොඳ තත්ත්වයෙන් සුරක්ෂිත පැරණිම lepidopteran පොසිලය (මේ කතා කරන්නෙ පහළ ජුරාසික් අවධිය ගැන).
         කොහොමෙන් කොහොමෙන් හරි විද්‍යාඥයෝ ඇස්තමේන්තු කරලා තියෙනවා සමනළයා මුලින්ම සලඹයාගෙන් වෙන් වුනේ දැනට අවුරුදු මිලියන 135-65 අතරේ ඒ කියන්නෙ ක්‍රිටේෂීය අවධියෙදි කියලා.
         ඉන්සෙක්ටාවන් බහුතරය වගේ සමනළුන්ගෙත් පරිණාමය සපුෂ්ප ශාක පරිණාමය එක්ක බොහොම ළඟින් සම්බන්ධ වෙනවා.


Fossil Papilionid Butterfly Lithopsyche antiqua from Early Oligocene. photo by-Chiswick Chap

අද වෙනකොට ලෝකයේ සමනළුන් superfamilies දෙකකට බෙදෙනවා (මෙව්වට උපරි කුලය කියලා කියනවා).

    1. Hedyloidea - moth butterflies (මේගොල්ලො ඉන්නෙ උතුරු සහ දකුණු ඇමරිකානු මහද්වීප වල විතරයි)

    2. Papilionoidea - true butterflies(සත්‍ය සමන්ළුන්)
සත්‍ය සමන්ළුන් නැවත කුල(පවුල්) 6කට බෙදෙනවා.


  1. Papilionidae - swallowtails, apollos and birdwings

  2. Pieridae - yellows and whites

  3. Nymphalidae - brush footed butterflies

  4. Lycaenidae - blues

  5. Riodinidae - metalmark butterflies

  6. Hespiriidae - skippers (මෙයාලා ඉස්සර වෙනම superfamily එකක් හැටියට තමයි සැලකුවේ. ඒත් අණුක විද්යාත්මක තොරතුරු එක්ක මෙයාලා සත්‍ය සමනළුන්ටම අයිති කොටසක් හැටියට දැන් පිලිගන්නවා)

Phylogenetic relationships of butterfly families

No comments:

Post a Comment

Creative Commons Licence
"Butterflies", Nature's Jewellery by Induru Hettiarachchi is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.