Saturday, 11 May 2019

Lesser Gull

Cepora nadina cingala  (Lesser Gull) @Erathna, Kuruwita (පසුබිමේ ඉන්නෙ Nannophrys ගණයේ ගෙම්බෙක්


                  Cepora nadina cingala (Lesser Gull) කියන්නේ Pieridae කුලයට අයිති සමනළ විශේෂයක්. උපවිශේෂය ලංකාවට ආවේණිකයි. ලංකාව ඇතුලෙ ඉතාම දුර්ලභ සමනළ විශේෂයක්. අතීතෙත් මෙයා දුර්ලභයි කියලා තමයි පොත් වල තියෙන්නෙ. මෑත ඉතිහාසයේ මේ විශේෂය වාර්තා වෙලා තියෙන්නෙ ඉතාම සුළු සංඛ්‍යාවක්, ඒ සියල්ලම පාහේ කුරුවිට එරත්නෙන් තමයි වාර්තා වෙලා තියෙන්නෙ. මේ උපවිශේෂය ගැන තොරතුරු බොහොමයක් තවමත් අපි දන්නෙ නැහැ. තර්ජිත මට්ටම CR (අතිශයින්ම අන්තරායට ලක්වූ).

Lesser Gull

Cepora nadina cingala  (Lesser Gull) @Erathna, Kuruwita (That frog in the background is a Nannophrys spp)

                     This is one of the rarest butterfly species in Sri Lanka and has been just as rare in the past. Subspecies is endemic to Sri Lanka. There are only a handful of records in Sri Lanka. Almost all the recent records are from Erathna, Kuruwita. Threat status CR (Critically Endangered).  Very little is known about this subspecies.

Sunday, 28 April 2019

පිළවා හෙවත් කෝෂය

                  පිළා අවධිය නැත්තන් කෝෂය කියන්නෙ සම්පූර්ණ රූපාන්තරණය දක්වන කෘමි විශේෂවල ජීවන චක්‍රයේ තුන් වන අවධිය. මේ අවධිය කීට අවධිය නැත්තන් දැළඹුවා සහ සුහුඹුල් අවධිය නැත්තන් සමනළයා කියන අවධි දෙකට මැදිව තමයි තියෙන්නෙ.
                  සමනළයාගේ පිළා අවධිය සංචරණයක් දක්වන්නේම නැති ඉතා සුළු චලන පමණක් දක්වන (සමහර වෙලාවට එහෙම චලනත් මුකුත්ම නැහැ) ඉතාම ඔතෑනි කාල පරාසයක්. අපිට ඔතෑනි විදිහට එළියට පෙනුනට සොබාදහමේ ආශ්චර්යමත්ම ක්‍රියාවලියක් කෝෂය ඇතුලේ මේ වෙද්දි සිද්ධ වෙනවා. අද අපි කතා කරන්නෙ ඒ ගැන.

                  5 වෙනි අන්තරුවේ ඉන්න දැළඹුවා කෑම කාලා කාලා ඉවර වෙලා කෝෂයක් හදන්න ලැහැස්ති වෙනකොට ඒ අවස්ථාවේ එයාට කියනවා පූර්ව පිළා අව්ධියේ ඉන්න කීටයෙක් කියලා (ඉංග්‍රීසියෙන් කියනවානම් pre pupatory larva ).
                  දැන් මෙයා ඉස්සරහට පිළා අවධිය ගත කරන්න සුදුසු තැනක් හොයන වැඩේ පටන්ගන්නවා. ඒ තැන වේලිලා ගිය අත්තක්, ආරක්ෂිත කොලේක යට පැත්තක්, ගෙඩියක්, මල් පොහොට්ටුවක් නැත්තන් කූඹි ගුලක් වෙන්නත් පුලුවන්... හැබැයි තමන් තෝරගන්න තැනේ ස්වභාවය විශේෂයෙන් විශේෂයට වෙනස් වෙනවා. තැනක් හොයාගෙන එතන බිම හොඳ ගනකමට සේද පලසක් අතුරනවා (මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ silk pad එක කියලා).මුළු පිළා අවධිය පුරාවටම උපස්තරය තදින් අල්ලගන්න උදව් වෙන්නේ මේ සේද වියමන තමයි. කෝෂයේ අධර අන්තයේ තියෙනවා cremaster කියලා ව්‍යුහයක්. මේකෙ තියෙනවා කොකු වගේ ව්‍යූහ (crochets) ගොඩාක්. අර සේද වියමන මේ කොකු වලින් අල්ලගෙන තමයි පිළා අවධිය ස්ථාවරව ගත කරන්නේ. සමහර විශේෂ තවත් සේද නූලක් තමන්ගෙ උරස වටේට දාගන්නවා. මේකට silk girdle එක කියලා කියනවා. ස්ථාවර බව වැඩි කරගන්න තමයි බෝහෝ විට මේකත් යොදාගන්නෙ.            
                     Nymphalidae කුලයේ පිළවා සාමාන්‍යයෙන් ඔලුව යටට තියෙන විදිහට එල්ලිලා සේද නූල නැතුව තමයි ඉන්නෙ. අනිත් කුල ඔක්කොගෙම බහුතරය සේද නූලක් පාවිච්චි කරනවා. Papilionidae කුලයේ අයනම් සාමාන්‍යයෙන් ඔලුව උඩ අතට තමයි තියාගෙන ඉන්නේ. ඔය කියපු කුල දෙක ඇරුනම අනිත් කුල වල අය සාමාන්‍යයෙන් තිරස් අතට හෝ උපස්තරය එක්ක අඩු ආනතියක් තියෙන විදිහට තමයි කෝෂය හදන්නේ.
                     මේ වැඩ ටික හරියට කරගෙන ඉවර වෙද්දි තමයි අමුතුම දේවල් ටික සිද්ධ වෙන්න පටන්ගන්නේ. Ecdyosone, juvenile hormone, prothoracicotropic hormone වගේ හෝමෝන සහ තවත් වැදගත් එන්සයිම ක්‍රියාත්මක වෙලා කීට චර්මයට යටින් පිළා චර්මයක් හදන්න පටන්ගන්නවා. මේ වැඩේ ඉවර උනාම එන්සයිම වලින් අලුත් චර්මයත් පරණ චර්මයත් අතරෙ තියෙන සෛල ටික ජීර්ණය කරනවා. ඊට පස්සෙ එයාට පුළුවන් අන්තරු අතරෙ මාරු වෙද්දි ඡවිපාතනය කලා වගේම කීට චර්මය හලලා කරලා පිළා අවදියට පිවිසෙන්න. පූර්ව අන්තයේ සිට අධර අන්තය දක්වා තමයි මේක වෙන්නෙ. මේ ඡවිපාතනය වුණු අළුතම පිළවා ඉතාම අනාරක්‍ෂිතයි. මොකද තවම කයිටීන් වලින් හැදුණු බහිෂ්චර්මය ඝන වෙලා නැහැ, ඉතාම මෙලෙකයි. නමුත් ඉක්මනින්ම මේ බහිෂ්චර්මය ස්ක්ලෙරොටින් වලින් ඝන වෙනවා. මේ පිටත ආවරණය පිළා අවධියේ ආරක්ෂාවට සෑහෙන ලොකු මෙහෙයක් ඉටු කරනවා.
                      කෝෂය ඇතුලෙදි ශ්වාසනාල පද්ධතිය, imaginal discs සහ අත්‍යාවශ්‍ය අවයව කිහිපයක් හැරුණාම අනිත් ඔක්කොම දේවල් ජීර්ණය වෙලා පෝෂණ ද්‍රව්‍ය පිරුණු සුප් එකක් බවට පත් වෙනවා.
                      Imaginal discs කියලා කියන්නේ බිත්තරේ කාලෙ ඉඳන්ම විශේෂණය වෙලා නමුත් විභේදනය නොවී තියෙන, සුහුඹුල් අවධියේ යම් නිශ්චිත අවයවයක් හො අවයව කිහිපයක් බවට පත්වෙන්න නියමිත සෛල ගොනු.
                      අදාල හෝමෝන වල බලපෑම යටතේ මේ සෛල ගොනු විභේදනය වෙන්නත් විශේෂණය වෙන්නත් පටන්ගන්නවා. අනාගත සුහුඹුල් සමනළයාගේ සියලුම ඉන්ද්‍රියන් පාහේ නිර්මාණය වෙන්නෙ මේ සෛල වලින්, මේ අවස්ථාවේදි, කෝෂය ඇතුලේ. මේ වැඩ වලට ඕනෙ කරන ශක්තිය සහ ද්‍රව්‍ය කලින් ජීර්ණය වෙලා දැන් සුප් එකක් වගේ තියෙන යුෂයෙන් තමයි ගන්නේ. කෙටියෙන් කියනවානම් කෝෂය ඇතුලේදි දැළඹුවා සම්පූර්ණයෙන්ම වාගේ දිය වෙලා නැවත සමනළයා බවට පත් වෙනවා. මේ ක්‍රියාවලිය තවමත් අපිට 100% තේරුම් ගන්න පුලුවන් වෙලා නැහැ.

                       ස්පර්ශක, ශුන්ඩාව, පාද, පියාපත්, සංයුක්ත ඇස් වල මූලික අවස්ථා කෝෂය හදපු අලුත බලාගන්න පුලුවන්. මේක අර ඉස්සෙල්ලා කියපු සෛල කාණ්ඩ අවසාන ඡවිපාතනය වෙද්දිත් යම්තාක් දුරකට විභේදනය සහ විශේෂණය වෙලා තියෙන බවට හොඳ සාක්ෂියක්.
                        කෝෂයකත් අපිට හිස, උරස සහ උදරය කියන්න ටැග්මා තුන බලාගන්න පුලුවන්; හැබැයි ඒවා දැළඹුවාගෙ සහ සමනළයාගෙ වගේ පැහැදිලිව අඳුනගන්න අමාරුයි. ඒ වගේම සංයුක්ත ඇස්, labial palpi, ශුන්ඩාව, පාද, පියාපත්, ශ්වාසරන්ධ්‍ර සහ ගුදය තියෙන තැන් වගේම ගැහැණු පිරිමි වෙනසත් පිටින් බලලා අඳුනගන්න පුලුවන්.
Pachliopta aristolochiae - Common Rose  සමනළයෙක්ගේ කෝෂයක නම් කරන ලද රූප සටහනක්. (ඉහළ - උදරීය පෙනුම, පහළ - පැති පෙනුම) 

                     සමනළුන්ගේ කෝෂ හැඩයෙන්, වර්ණයෙන් සහ තවත් ආකාර වලින් ලොකු විවිධත්වයක් දක්වනවා. සාමාන්‍යයෙන් විශේෂ දෙකක කෝෂ පහසුවෙන් වෙන් කරලා අඳුරගන්න පුලුවන් හැබැයි ඒ හැමවෙලේම නෙමෙයි, මොකද ළඟින් නෑදෑ වෙන විශේෂවල බොහෝදුරට කෝෂයේ පෙනුම සමානයි.

                      මේ ක්‍රියාවලියේදි අඩුපාඩු නිසා ගොඩක් අය මැරෙනවා; කෝෂය හැදීමේදී, කෝෂය තුළ විකසන ක්‍රියාවලියේදි සහ පිළා අවධිය අවසන් කරලා පිටතට පැමිණීමේදී අසාර්ථක වෙන අවස්ථා බොහොමයි. ඒ වගේම පිළා අවධියට කොහෙවත් යන්න බැරි නිසා ආරක්ෂාව වෙනුවෙන් සෑහෙන්න වෙහෙසෙන්න වෙලා තියෙනවා. විලෝපිකයෝ, බැක්ටීරියා, වෛරස සහ දිලීර වැනි ආසාදන, පාරිසරික බලපෑම් සහ තවත් මහා ගොඩක් කරදර වලට මෙයාලා මුහුණ දෙනවා. Papilio demoleus (Lime Butterfly) කියන සමනළයා යොදාගෙන කරපු පරීක්ෂණයක පිළා අවධියේ මරණ ප්‍රතිශතය ආසන්නව 32% ක් වෙලා තියෙනවා (Suwarno 2012). හැබැයි අපි කතා කරපු කීට අවධිය වගේම මෙයාලත් සම්පූර්ණයෙන්ම අසරණ නැහැ මෙතෙන්දි. සමහරු තමන් ඉන්න පරිසරයේ වර්ණ රටා වලට සමාන වර්ණ රටා ඇතිකරගෙන නොපෙනී ඉන්නවා (camouflage), තව කට්ටියක් වේලිලා ගියපු කෝටු ඇතුලෙ තියෙන කුහර වල වගෙ තැන් වල හැංගිලා ඉන්නවා, තව කට්ටියක් කූඹි ගුල් ඇතුලෙ ඉන්නවා, සමහරු එක එක ජාතියෙ ව්‍යූහ (කුරු, කටු, උල් වගේ) දරන්නේ තමන්ට කරදරයක් කරන්න වෙන කෙනෙක්ට ළං වෙන්නවත් බැරිවෙන  විදිහට, තවත් සමහරු විලෝපිකයන්ට විෂයි (මෙයාලා ගොඩක් වෙලාවට අනතුරු ඇඟවීමේ වර්ණ රටා පෙන්නුම් කරනවා). පුදුම විවිධත්වයක් තියෙන්නෙ.
ලංකාවේ දකින්න ලැබෙන අමුතු පෙනුම තියෙන කෝෂ කිහිපයක්

                       සමනළ විශේෂ ඔක්කොගෙම වගේ බිත්තර සහ ශුක්‍රාණු පිළා අවධියේදි පරිණත වෙනවා. ඒ කියන්නෙ කෝෂෙන් එළියට එන්නෙ ප්‍රජනක වශයෙන් පරිණත සුහුඹුලෙක්.

                       එකී මෙකී නොකී හැම කරදරයක්ම සාර්ථකව ජයගත්තානම් පිළා අවධිය අවසාන කරලා සුහුඹුල් සමනළයා එළියට එන්න දවසකට විතර කලින් ඇතුලත අවයව පැහැදිලිව පේන්න පටන්ගන්නවා (සමහරුන්ගෙ කෝෂ අඳුරු පාට නිසා මේක පෙන්නෙ නැහැ), ඒ වගේම එළියට එන දවසට කලින් දවසෙ රෑ පියාපත්වල වර්ණ ඇතිවීම ආරම්භ වෙනවා. සාමාන්‍යයෙන් සමනළුන් කෝෂෙන් එලියට එන්නෙ පාන්දර හෝ උදේ වරුවෙ තමයි…
                      පරිසර තත්ත්ව නුසුදුසුයි කියලා තේරුනොත් මෙයාලට යම් නිද්‍රා තත්ත්වෙකට  (diapause) පත් වෙලා තව කාලයක් අක්‍රීයව ගත කරන්න පුලුවන්; පරිසර තත්ත්ව සුදුසු වුණු ගමන් එලියට එන්න පුලුවන්. මේ නිසා සමනළයාගේ පිළා අවධියට කාල පරාසයක් දෙන්න අමාරුයි.

ලංකාවේ සුලභව හමුවෙන සමනළ විශේෂ කිහිපයක පිළා අවධි

Pupal Stage or the Chrysalis

Pupal stage is the third stage of the life cycle of a holometabolous insect. This stage starts at the pupation and ends with the eclosion of imago aka the adult. In the case of butterflies, this stage is called a Chrysalis. This stage is highly immobile (but can flex some abdominal segments) and in most cases well camouflaged.

When the 5th instar larva is done eating and is ready to pupate, it is called pre-pupatory larva.

After completing the task of feeding, final instar larva wanders around and find a suitable spot to pupate. It may be a dead twig, underside of a leaf, inside a fruit or even inside an ant nest depending on the species. There it lay a pad of silk as a substrate to hold onto. This pad is usually held onto by the hooks of the anal prolegs. Some species use a second thread of silk , a girdle around their thorax.

Nymphalids usually pupate head-down and hanging while Papilionids pupate vertical, head-up using the second silk girdle to support their weight. Lycaenids, Riodinids, Hespirids and Pierids also use the silk girdle but usually they remain in a neutral angle.

When the stage is set, hormones such as ecdyosone, juvenile hormone and prothoracicotropic hormone and enzymes come to play. A pupal skin is formed under the larval skin and enzymes digest the cells in-between the layers. When the process is complete it can shed the dead larval skin and reveal the underlying pupal skin thus becoming the pupa. At first it is a delicate cover of chitin but given some time it hardens with sclerotin to form a rigid cover.

Inside the pupa almost all the previous contents except the tracheal system, imaginal discs and some critical organs become a soup of nutrients, digested by enzymes. Imaginal discs are groups of cells that are destined to become certain parts of the adult from the beginning (from the egg). Under the control of hormones they start to develop, divide and differentiate forming all the organs of the adult inside the pupal case. Nutrients are taken from the predigested contents inside the pupa.

Parts that will become antennae, proboscis, legs, wings and eyes can be identified by looking at a new pupa at the very moment of pupation. This explains that some structures have already been developed deep within the larva well before pupation.

After it sheds the larval skin, hook-like structures called crochets at the end of the cremaster keep on holding the silk thus keeping the pupa in place. Cremaster is a structure at the hind end of a pupa which has hooks (crochets) to take hold of the previously laid silk pad.

in the pupal stage head, thorax and abdomen are present as they were on the larva and eyes, labial palpi, proboscis, legs, wings, spiracles, anus can be identified on the cuticle.
Labelled image of Pachliopta aristolochiae (Common Rose) pupa [up-ventral view, down- lateral view]

Butterfly pupae are diverse in shapes and colours unlike moths and many distinct features are shared within closely related species. Some pupae can be readily distinguished to the species level but there are many closely resembling pupae of different species which are at a glance looks almost the same.

There are many things that can go wrong in the process; some die in the process of pupation, some die being unable to develop fully and some fail at eclosion.
Because this stage is immobile, extreme measures has to be taken for survival. Predators, parasites, pathogens, environmental factors and many more test these guys to their limits. A study on Papilio demoleus (Lime Butterfly) showed a mortality rate of 32% (Suwarno 2012).  But just as we discussed in the larval stage, pupal stage is also not helpless at all.

Pupae may bear many peculiar features such as horns, filaments, spines, cones, setae and processes and are found in a diverse range of colours and shapes. Some of them are extremely camouflaged and some are extremely bright and showy (usually the bright colours are aposematic). There are some who pupate amidst ants in their nests (some Lycaenids) and some who pupate inside narrow holes in dead twigs too.
Some peculiar pupae of Sri Lankan butterflies

In many species eggs and sperm mature in pupal stage and thus they are ready to mate just after eclosion.

If everything goes according to plan wings will become visible through the pupal skin some days before emergence and the colours will show on the night before eclosion. Usually butterflies emerge at dawn or at the early hours of light. Environmental conditions can induce diapause even if development is complete. Because of that, timespan of pupal stage is highly variable. Even though there aren't extreme climatic changes in Sri Lanka, rainfall/humidity has been documented to be a governing factor.


Pupae of some common butterflies in Sri Lanka









Wednesday, 20 February 2019

Tuesday, 19 February 2019

කීට අවධිය නොහොත් දැළඹුවා (හැඳින්වීමක් සහ රූපවිද්‍යාත්මක ලක්ෂණ)

     අපි කලින් දවසක කතා කරපු නිසා ඔයාල දන්නවා සමනළයාගෙ ජීවන චක්‍රයේ දෙවෙනි අවධිය තමයි කීටයා නැතිනම් දැළඹුවා. බිත්තරෙන් එලියට ආපු දවසෙ ඉඳන් කෝෂය හදන දවස වෙනකන් කාලය මේ අවධියට අයිතියි. කන එක තමයි ප්‍රධාන රාජකාරිය මේ අවධියේ.

     හැම විශේෂයකම වගේ දැළඹුවාගේ පළවෙනි ආහාරය තමුන්ගේම බිත්තර කටුව. කොටින්ම කියනවානම් දැළඹුවා එළියට එන්නෙම බිත්තර කටුව කාගෙන. එතැනින් පටන්ගන්න කෑමේ භාරදූර කර්තව්‍යය ඉවර වෙන්නෙ කෝෂය හදලා. 😁 අපි කලින් දවසක මෙයාලාගේ පෝෂණ විවිධත්වය ටිකක් කතා කලානේ. සුළුතරයක් හැරුණාම අනික් සියල්ලම ශාක කොටස් තමයි ආහාරයට ගන්නේ. ඒකත් තමන්ගේ විශේෂයට විශේෂිත ශාකයක් හෝ ශාක කිහිපයක්. බහුතරය ශාක කොටස් තමයි ආහාරයට ගන්නේ. එතනදි ශාකයේ මොන කොටස මොන ආකාරයටද කන්නෙ කියන එකේ ලොකු විවිධත්වයක් තියෙනවා. සමහර විශේෂ පුෂ්ප කොටස් පමණයි කන්නෙ, තවත් අය ලපටි දළු විතරයි කන්නෙ, ලපටි ඵල සහ මුල් ආහාරයට ගන්න අයත් ඉන්නවා. ඒ අතරෙ අදාල ශාකයේ අහුවෙන ඔනෙ කොටසක් කන අයත් ඉන්නවා. 😅 ඊගාවට මං කියපු සුළුතරය (ලංකාවෙනම් එක්කෙනයි ඉන්නේ, Apefly - Spalgis epeus) කෘමි විශේෂ ආහාරයට ගන්නවා.

     Lepidoptera ගෝත්‍රයට අයිති කීටයෝ දිගටි සිලින්ඩරාකාර හැඩයක් තමයි දරන්නේ(පණුවා කිව්වහම අපිට මතක් වෙන්නෙ මේ හැඩය), නමුත් පැතලි විශේෂත් ඉන්නවා(Lycaenidae කුලය). හිස, උරස සහ උදරය කියලා ටැග්මීකරණය වුනු දේහයක් තමයි තියෙන්නෙ(ටැග්මා එකක් කියන්නෙ එක කොටසක් විදිහට වැඩ කරන්න පුලුවන් විදිහට ඛණ්ඩිත දේහ තියෙන සතුන්ගෙ යාබද ඛණ්ඩ එකතු වෙලා හැදෙන රූපවිද්‍යාත්මක ඒකකයක්).

     හිස ගැන කතා කළොත්, ඒක ආහාර ගැනීමටම විශෙෂිතව හැදුණු බාහිර ව්‍යූහ තියෙන කොටසක්. ලොකු දැළඹුවෙක්ගේ මේ බාහිර මුඛ උපාංග පැහැදිලිව බලාගන්න පුලුවන්. [මෙතන ඉඳන් කියන ඉංග්‍රීසි වචන තාක්ෂණික යෙදීම්. ඒවාට සිංහල වචන මම දන්නෙ නැති නිසා ඉංග්‍රීසියෙන්ම කියනවා, ඒවා දැනගත්ත දවසක දාන්නම්, හැබයි ලොකු විශ්වාසයක් තියෙනවා ඒවාම් කොහෙත්ම තේරෙන එකක් නැහැ කියලා. 😅]
     බත් කූරෙක්ගෙ ඇස්  දෙක වගේ ඉස්සරහට ලොකුවටම පේන්න තියෙන ව්‍යූහයට කියන්නෙ Epicranium කියලා. මේක දකුණු සහ වම් විදිහට බාග වෙලා තියෙන්නෙ. (Stemmata හරුණාම මෙතන කතා කරන මේ ඔක්කොම බහිර ව්‍යූහ ස්ක්ලෙරොටින් ප්‍රෝටීනයෙන් ඝන වෙලායි තියෙන්නේ.) ඒ අතරෙ තියෙන ත්‍රිකෝණාකාර කොටස Frons එක. ඊට යටින් Clypeus සහ ඊටත් යටින් Labrum එක, ඉස්සරහින්(පූර්වව) බැලුවහම බලාගන්න පුලුවන්. Stemmata කියලා කියන ප්‍රතිබිම්භ නොසාදන සරල ඇස් එක පැත්තක 6 ගානේ දෙපැත්තේ 12ක් තියෙනවා. අපිට වගෙ ඒ ඇස් වලින් එයාලට පේන්නෙ නැහැ, ඒවා ආලෝකයට සංවේදී විතරයි. කලින් කියපු Labrum එකට පිටිපස්සෙන් පිළිවෙලින් එකක් පසුපස එකක් හැටියට Mandibles, Maxilla යුගල බැගින් සහ  Labium එක තියෙනවා. Maxilla ඒකෙන් එලියට ඇවිත් තියෙන Maxilliary galea කියන ව්‍යූහය තමයි පසු කාලෙක සමනළයාගේ ශුණ්ඩාව බවට පත් වෙන්නෙ. සේද ග්‍රන්ථී විවෘත වෙන්නෙ Labium එකෙන් පිටතට ඇවිත් තියෙන Spinneret කියන ව්‍යූහය මතට. දැළඹුවන්ටත් මකුළුවන්ට වගේ සේද හදන්න පුලුවන් කියල නොදන්න අය ඔන්න දැන් දන්නවා. 😉 Mandibles යුගලට දෙපැත්තෙන් කුඩා Antenna (ස්පර්ශක) යුගල බලාගන්න පුළුවන් (සමනළයාගෙත් ස්පර්ශක වෙන්නෙ මේ දෙකම තමයි).
     හිසේ තවත් වැදගත් බාහිර වගේම අපි කතා කළේම නැති අභ්‍යන්තර ව්‍යූහ ගොඩක් තියෙනවා. ඒත් සංරක්ෂණයටයි සාමාන්‍ය දැනීමටයි මේ විස්තර ඕනෙවටත් වැඩියි කියලයි මට හිතෙන්නේ. ඒ නිසා ඒ සංකීර්ණ ව්‍යූහයි, අභ්‍යන්තර ව්‍යූහයි කතා කරන්න මගෙ බලාපොරොත්තුවක් නැහැ.

දැළඹුවාගේ හිසේ පූර්ව පෙනුම සහ කොටස් (මහ නිලයාගේ Papilio polymnestor 5වන අන්තරුවේ කීටයා)

     හිසට පසුපසින් තියෙන්නෙ උරස. ඛණ්ඩ තුනකින් හැදුණු ටැග්මා එකක්. ඒ හැම ඛණ්ඩයකම අවිදුර අන්තයේ සිට පිළිවෙලින් coxa, trochanter, femur, tibia, tarsi  කියන කොටස් පහෙන් හැදුණු සන්ධි පාද යුගල බැගින්, උරසේ සන්ධි පාද 6ක් තියෙනවා. මේවා පේශි වලින් චලනය කරවන පාද. උරස හිසට සම්බන්ධ වෙන්නෙ cervix(ගෙල) එකෙන්. පළමු ඛණ්ඩයේ පමණක් දෙපැත්තේ Spiracles(ශ්වාසරන්ධ්‍ර) යුගලක් තියෙනවා (සමනළයන්ගේ වායු හුවමාරුව සිද්ධ වෙන්නෙ අපේ වගේ නෙමෙයි. ඒකට එයාලට ශ්වාසනාල පද්ධතියක් තියෙනවා. මේ පද්ධතිය පිටතට විවෘත වෙන සිදුරු තමයි ශ්වාසරන්ධ්‍ර කියන්නේ). උරසේ, Papilionidae කුලයේ පමණක් අවශ්‍ය විට ඉවතට ගත හැකි Osmeterium කියලා ව්‍යූහයක් තියෙනවා. මේක ආරක්ෂාව සඳහා තියෙන ව්‍යූහයක්, පෙනුම සර්පයෙක්ගෙ දෙකට බෙදුණු දිව වගේ.

     අවසාන ටැග්මා එක තමයි උදරය. මේක ඛණ්ඩ 10කින් හැදිලා තියෙන්නෙ. 3,4,5,6 සහ 10 කියන ඛණ්ඩ වල Prolegs කියලා කියන තවත් කකුල් වර්ගයක් යුගලය ගානේ තියෙනවා(එතකොට මුලු prolegs ගාන 10යි). මේවා සන්ධි පාද වලට වඩා ගොඩාක් වෙනස්. මේවාගෙ අග තියෙනවා crochets කියලා කියන කොකු වගේ ව්‍යූහ වගයක්. මේ පාද වැඩ කරන්නේ ශරීරය අතුලෙ ඇතිවෙන ද්‍රවස්ථිති පීඩනයෙන්. 1,2,3,4,5,6,7 සහ 8 වෙනි ඛණ්ඩ වල දෙපැත්තේ ශ්වාසරන්ධ්‍ර යුගලය ගානේ තියෙනවා. උදරයේ තවත් වැදගත් බාහිර සහ අභ්‍යන්තර ව්‍යූහ තියෙනවා, සමහර ඒවා සමහර කුල වලට ආවේණිකයි(උදා:Dorsal Nectar Organ- DNO, Pore Cupola Organ- PCO, Tentacular Organ- TO, honey glands and wax or powder glands). මේවා ඒ ඒ කුල ගැන කතා කරද්දි අපි බලමු.

දැළඹුවාගේ පාර්ශ්වික පෙනුම සහ කොටස් (මහ නිලයාගේ Papilio polymnestor 5වන අන්තරුවේ කීටයා)

දැළඹු අවධිය තමයි සමනළයාගේ ජීවන චක්‍රයේ අනතුරු බහුලම. විලෝපිකයන්ට ගොදුරු වීම, රෝග සහ ආසාදන, පරපෝෂිතයන්, ආහාර හිඟවීම් සහ තව ගොඩාක් දේවල් නිසා ගොඩාක් අය මේ අවධියේදි මැරෙනවා. කුරුල්ලෝ, උරගයෝ, ගෙම්බො වගේම සමහර ක්ෂීරපායී විශේෂත් මෙයාලව ආහාරයට ගන්නවා. පරපොෂී මැසි සහ කුඹල් විශේෂ තමුන්ගෙ දරුවන්ගෙ තොටිල්ල හැටියට තෝරගන්නෙත් මේ අසරණ දැළඹුවන්ව. බැක්ටීරියා, වෛරස සහ දිලීර පවා මෙයාලට ආසාදනය වෙනවා. Cordyseps spp. කියන සුප්‍රසිද්ධ දිලීරයත් මෙව්වගෙන් එකක්.

     ඒවා කොහොම වුනත් දැළඹුවෝ මේ යුද්ධෙදි නිරායුධ නැහැ. විව්ධාකාරයේ ආයුධ මෙයාලට තියෙනවා(උදා:horns, fleshy filaments, setae, spines, branching spines, osmeterium). ඒ වගේමයි හැම පාටකින්ම, දහස් සංඛ්‍යාත වර්ණ රටා තියෙන අය මේ අතරෙ ඉන්නවා. සුවිශේෂී හැසිරීම් රටා දක්වන අය ඉන්නවා. මේ සියල්ලම පරිණාමය විසින් මෙයාලට මේ යුද්ධෙ ජයග්‍රහණය කරන්න, මෙයාලා වෙනුවෙන්ම හදලා දීපු දේවල්. අපි ඒ දේවල් ගැනත් ඉස්සරහදි කතා කරමු.

      කීටයා බිත්තරෙන් එලියට ආ දා පටන් 4 වතාවක් හැව හලනවා. මේ සෑම වතාවකදීම එයා ප්‍රමාණයෙන් විශාල වෙනවා. මෙ අතර අවධි අන්තරු කියලා හඳුන්වනවා. සමනළ කීටයෙක්ට අන්තරු 5ක් තියෙනවා. අන්තිම අන්තරුවේදි, ඒ කියන්නේ 5 වෙනි අන්තරුවේදී, කාලා ඉවර වෙලා මෙයා  හොඳ ආරක්ෂිත තැනක් හොයන්න යනවා; තැනක් තෝරාගෙන, සේද ඇතිරිල්ලක් දාලා 5වෙනි සහ අවසාන වතාවට හැව ඇරලා පිළවෙක්(කෝෂය) බවට පත් වෙනවා. එක එක හේතු නිසා මේ අවස්ථාවෙදිත් මැරෙන අය ඉන්නවා. සෑහෙන රළු ජීවිතයක්. 😥

ලංකාවේ සුලභ සමනළුන් කිහිප දෙනෙකුගේ කීට/දැළඹු අවධි

   

Tuesday, 12 February 2019

Larva a.k.a. caterpillar (An introduction and external morphology)

   As we have discussed earlier in a post mentioning the life cycle of butterflies, we know that the second stage of the cycle is larval stage. The animal at this stage is technically called larva (plural larvae) or in common tongue the caterpillar. This is the stage preceded by egg and which successes into the pupal stage. Main purposes of this stage are to eat, grow and accumulate nutrients.

   Larvae of almost all the species of butterflies eat their way out of the egg and firstly they consume the shell of their own egg. After that they start exploiting their host plants or in some cases their prey (Apefly Spalgis epeus larvae eat mealybugs). Plant eaters have a wide diversity in the choice of which part of the plant they eat. Some eat only the young leaves, some the flower buds, some young fruit, some even eat roots and some eat everything. 😅

  Lepidopteran larvae has a worm-like appearance (some sluggish looking too) and have a tagmatized body consisting of 3 tagmata namely head, thorax and abdomen.

   Head is equipped with finely crafted instruments which are used to cut and slash plant material. In a large larva we can identify some of these external structures.
    Head is covered with a hard sclerotized epicranium which is divided into two halves (right and left). Triangle shaped frons, clypeus below it and labrum below the clypeus can be seen from the anterior side of a larva. Behind labrum is the pair of mandibles, maxilla and labium. There is a pair of galea originating from the maxilla (maxillary galea) and this pair becomes the proboscis in the process of metamorphosis. Labium has the tiny protruding spinneret onto which the duct of the silk glands opens. The tiny pair of antennae can be seen beside the mandibles. There are stemmata (usually 6 stemma on each side) on the ventrolateral area of the epicranial lobes. (There are many more important structures associated with the head, but I'm not planning to cover all that and internal anatomy up, for this info is more than necessary for conservation purposes.)
   
Anterior view of the head of a 5th instar Papilio polymnestor (Blue Mormon) larva

   Then comes the thorax. This consists of three segments and each bear a pair of true legs (thoracic legs) which again (each leg) consists of five segments, orderly from proximal to distal coxa, trochanter, femur, tibia and tarsi. This means the larva has 6 true legs. These are powered by muscles.
   Thorax is connected to head by the smooth cervix (neck). First thoracic segment or the prothoracic segment, has a pair of spiracles each side and in the case of Papilionidae, also has the evertible osmeterium (which looks like a forked tongue) dorsally.

   Spiracles are the openings to the outer environment of the internal network of air tubes which acts as the respiratory system of all insects (called the tracheal system).

   Last part of the body is the abdomen. It is made up of 10 segments. 3,4,5,6 and 10th segments have one pair of prolegs each. Which means a larva has 5 pairs of prolegs (10 prolegs in total). These prolegs are not like the thoracic legs. They have hook-like structures called crochets and work from the force that blood pressure creates inside the larva. First four pairs of prolegs are called abdominal prolegs and the last pair is called the anal prolegs. 1,2,3,4,5,6,7 and 8th segments have a pair of spiracles each on either sides. At the posterior end is the anal opening.
  There are some more special structures in the abdomen and some are only present in some families only...  (Dorsal Nectar Organ- DNO, Pore Cupola Organ- PCO, Tentacular Organ- TO, honey glands and wax or powder glands etc.) We will discuss these special features in their family accounts.

Lateral view of a 5th instar Papilio polymnestor (Blue Mormon) larva 

    Larval stage is the most harshest. Predation, diseases, parasites, shortage of food and many other factors test these delicate creatures everyday to their limits. Birds, reptiles, amphibians, arthropods and even some mammals prey on these guys. Parasitoid flies and wasps use caterpillars as food source and the incubator for their young. Bacteria, viruses and fungi also attack them. Cordyceps spp.  are well known fungal pathogens to caterpillars.

    But caterpillars are not defenceless in this game. They bear many peculiar extensions such as horns, fleshy filaments, setae, spines, branching spines etc. and are found in every colour of the visible (and invisible) spectrum, millions of colour patterns and shapes and many peculiar behaviors, all are custom tailored by evolution to overcome the above mentioned enemies and maximize their survival.

    Caterpillars molt their skins 4 times, growing bigger and bigger after each molting. The resulting five stages of the larvae are referred to as instars (just hatched-1st instar, after the first molting-2nd instar etc.). After growing to the full size (5th instar) they stop eating and often wanders to find a good secure place, lay a silk girdle or make a good cover and after everything is ok, they molt their skins for one last time and become pupae. Some fail in this process and die, unable to form the pupa.

Larvae of some common butterflies of Sri Lanka



Creative Commons Licence
"Butterflies", Nature's Jewellery by Induru Hettiarachchi is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.